ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා
2022-06-22 17:33:21
Share with:

ඩොලර් අර්බුදයට මනා විසඳුමක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි. ඉහළ වැටුප් සහිත විදේශ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් යොමු කිරීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සකස් කෙරෙමින් පවතී. ඒ අනුව ජපානය වැනි රටවලින් මෙරට ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා උදාකර ගැනෙනු ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එහිදී කිසිදු අතරමැදියෙකුට මුදල්දීමේ අවශ්‍යතාවක් නැතැයි පවසන ඇමතිවරයා රැකියා සපයන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන්ට හසු නොවන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම