චීනය හා සෙසු බ්‍රික්ස් රටවල් අතර ආනයන සහ අපනයන ඉහළට
2022-06-21 11:29:51
Share with:

ඉකුත් මාස 5 තුළ, චීනය සහ සෙසු බ්‍රික්ස් රටවල් අතර ආනයන හා අපනයන ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 12.1%කින් වර්ධනය ‍ වෙයි.

මේ වසරේ චීනය හා සෙසු බ්‍රික්ස් රටවල් අතර ආර්ථික හා වෙළඳ ප්‍රායෝගික සහයෝගිතා පුළුල් වීම හේතුවෙන් ආනයන හා අපනයන අඛණ්ඩව වර්ධනය වී තිබේ. ගෙවී ගිය මාස 5 තුළ චීනය හා සෙසු බ්‍රික්ස් රටවල් අතර ආනයන හා අපනයන ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 1.31ක් දක්වා වැඩි විය. එම රටවල් වෙත චීනය කළ අපනයන ප්‍රමාණයෙන්  69.7% ක්  යාන්ත්‍රික හා විද්‍යුත් නිෂ්පාදනයන් වේ.

එසේම, සෙසු බ්‍රික්ස් රටවලින් චීනය කළ ආනයන ප්‍රමාණයෙන් 76.3%ක්  බලශක්ති නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝහ සහ ලෝපස් වේ. ද්විපාර්ශ්වික වෙළඳාම ඔස්සේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සපුරා ගත හැකි වීමේ වැදගත්කම මින් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම