චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ බලහත්කාරයෙන් රැකියා අහිමි කරවීමට ඇමරිකාව දරන ප්‍රයත්නයට චීනයේ දැඩි විරෝධය
2022-06-21 20:23:47
Share with:


ඊනියා නීතිමය ක්‍රමවේදයන් ඔස්සේ ඇමරිකාව, චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තය තුළ, බලහත්කාරයෙන් රැකියා අහිමි කරවීමට දරන ප්‍රයත්නයන්ට චීනය දැඩි විරෝධය පළකරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. ප්‍රබල පියවර යොදා ගනිමින් චීන ව්‍යවසායයන්ගේ හා පුරවැසියන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් චීනය දැඩි ලෙස ආරක්ෂා කරන බවද ඔහු සඳහන් කළේ ය.

චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තයේ කර්මාන්තයන්ට බලපෑම්  එල්ල කිරීමට අදාළ ඇමරිකානු පනත අද(21) නිල වශයෙන් බලාත්මක වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම