චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කිරීමට පියවර
2022-06-21 15:36:51
Share with:

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පසුගිය දා කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වාර 3ක් සිදු කරන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සලසා දී තිබේ.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳව ද මෙහිදී තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එමෙන් ම, චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීමට පියවර ගෙන ඇති අතර, ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා එවූ විශේෂ පණිවිඩයක් ද Qi Zhenhong මහතා මෙහිදී ජනාධිපතිවරයාට භාර දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම