රුසියානු තෙල් අපනයනය සඳහා මිල සීමා කිරීමට ඇමරිකාව සහ මිත්‍ර රටවල් අතර සාකච්ඡා
2022-06-21 11:51:19
Share with:

රුසියානු තෙල් අපනයන සඳහා මිල සීමා කරන්නේ කෙසේද යන්න පිළිබඳව, කැනඩාව වැනි මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව, ඇමරිකානු මුදල් ඇමතිනි Janet L. Yellen මහත්මිය පවසයි. ඇමතිවරිය ඊයේ(20)  මේ බව ප්‍රකාශ කළාය.

වාර්තාවලට අනුව, මේ වන විට ඇමරිකාව හා කැනඩාව යන රටවල් රුසියානු තෙල් ආනයනය තහනම් කර ඇති අතර, රුසියානු බොරතෙල් මුහුදු මාර්ගයෙන් ආනයනය කිරීම මාස 6කට තහනම් කිරීමට යුරෝපා සංගමය එකඟ වී තිබේ.

මීට අමතරව, යුරෝපා සංගමය බ්‍රිතාන්‍යය ඇතුළු ඇතැම් G7 සාමාජික රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීමෙන්, රුසියානු තෙල් ප්‍රවාහනයට අවශ්‍ය රක්ෂණ සේවාවන්, ලෝකයේ ඕනෑම තැනක තහනම් කිරීමට පියවර ගනු ඇත. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම