චීන සංස්කෘතියේ උණුසුම ලොවට ගෙනෙන ගෝලීය වාර්තා චිත්‍රපට උළෙලක්
2022-06-21 15:58:43
Share with:

චීන වාර්තා චිත්‍රපට උළෙලේ ගෝලීය ප්‍රදර්ශනය ආරම්භ වේ.

චීන මාධ්‍ය සමූහය සහ චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කළ චීන වාර්තා චිත්‍රපට උළෙලේ ගෝලීය ප්‍රදර්ශනය නිමිත්තෙන් අද (21) බෙයිජිං නුවරදී සමාරම්භක උත්සවයක් පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපට 50කට වැඩි සංඛ්‍යාවක් මෙම උළෙලේ දී  ගෝලීය වශයෙන් ප්‍රදර්ශනය කෙරේ. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි හා රුසියන් යන භාෂා 5න් නිෂ්පාදනය කරන ලද එම වාර්තා චිත්‍රපට මේ වසර අවසානය දක්වා ලොව මාධ්‍ය ආයතන හා වේදිකා 100ක් පමණ ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Hai xiong මහතා මෙම සමාරම්භක උත්සවය අමතමින් කියා සිටියේ, එම වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් ලෝකවාසී ජනතාවට චීනයේ උණුසුම අත්විඳීමට අවකාශ ලබා දීම චීන මාධ්‍ය සමූහයේ අභිප්‍රාය බවයි. සාමාන්‍ය චීන ජනතාවගේ එදිනෙදා ජීවිතය මෙන් ම ඔවුන් සිය සිහින සැබෑ කරගැනීමට කළ කැපවීම් පිළිබඳව එම වාර්තා චිත්‍රපට ගෝලීය ප්‍රේක්ෂකයන්ට විදහා දක්වනු ඇත. චීන ජනතාව හා සෙසු රටවල ජනතාව සංස්කෘතික වශයෙන් එකට බැඳී සිටීමට එම වාර්තා චිත්‍රපට ඉවහල් වන බව Shen Hai xiong මහතා සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම