ගෝලීය සංවර්ධනය උදෙසා බ්‍රික්ස් ශක්තිය මනාව ලබාදීමට සියලු පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගැනීම චීනයේ අභිප්‍රාය යි
2022-06-21 15:19:49
Share with:

ගෝලීය සංවර්ධනය උදෙසා බ්‍රික්ස් ශක්තිය මනාව ලබාදීමට සියලු පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගැනීම තම රටේ අභිප්‍රාය බව, ඉන්දියාවේ චීන තානාපති Sun Weidong මහතා පවසයි.

වසර 16 ක සංවර්ධනයෙන් පසුව, රටවල් පහකින් සමන්විත බ්‍රික්ස් යාන්ත්‍රණය අන්‍යෝන්‍ය යහපත සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත් ව තිබේ. එසේම, එය ජාත්‍යන්තර පටිපාටියේ පරිණාමය ප්‍රවර්ධනය කොට ගෝලීය පාලනය වැඩිදියුණු කර පොදු සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට වැදගත් බලවේගයක් බවට පත්ව ඇතැයි Sun Weidong මහතා මාධ්‍ය අමතමින් පැවසීය.

ගෝලීය සංවර්ධනයට  බ්‍රික්ස් ශක්තිය මැනැවින් ලබා දීමට ඉන්දියාව ඇතුළු පාර්ශ්ව සමඟ උත්සාහ දරා, සමගිය හා සහයෝගීතාව ශක්තිමත් කරමින් සාම සංවර්ධනය ප්‍රායෝගිකව ඉදිරියට මෙහෙයවීමට චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම