ආයෝජකයන් සඳහා පස් අවුරුදු වීසා පහසුකම්
2022-06-21 15:33:21
Share with:

රටේ විදේශ විනිමය වර්ධනය අරමුණු කරගනිමින්, විදේශීය ආයෝජකයන් දිරිගැන්වීම සඳහා  ඔවුන්ට පස් අවුරුදු වීසා පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා අනුමැතිය ද හිමිව ඇත.

එම විශේෂ යෝජනා ක්‍රමය යටතේ පළමු පස් අවුරුදු වීසා පහසුකම හිමි කර ගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ චීන ආයෝජන සමාගමක් වන සීමාසහිත බේලි ඉන්වෙස්ට්මන්ට් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ චෞ යින් මන් මහතා සමත්ව තිබේ. 

රුපියල් මිලියන 22,000 (ඇමෙරිකානු ඩොලර් මිලියන 60)ක ආයෝජනයකින් ක්‍රියාත්මක රාජගිරියේ සුඛෝපභෝගී මහල් නිවාස ඒකක 1,200කින් හෙබි දැවැන්ත මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ හිමිකාරිත්වය උසුලන බේලි ඉන්වෙස්ට්මන්ට් ලංකා, ආසියානු කලාපය තුළ සාර්ථකම නිවාස ව්‍යාපෘති දියත් කොට ඇති චීන සමාගමකි. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම