ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද(20) දිවයිනට
2022-06-20 16:02:55
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණෙයි. ඔවුන් එක්වූ විශේෂ සාකච්ඡාව අද (20) පැවැත්විණ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඉල්ලා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී  පුළුල් අවධානය යොමුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  නියෝජිත පිරිස සතියක පමණ කාලයක් සාකච්ඡා සඳහා මෙරට රැඳී සිටිනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම