ගැටුම්වලදී සිදුවන ලිංගික හිංසනය පිටුදැකීමට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියා කළ යුතු බව ජගත් මහලේකම් කියාසිටී
2022-06-20 14:43:55
Share with:

ගැටුම්වලදී ලිංගික හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ජූනි 19 වැනිදාට යෙදී තිබේ. 

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා මේ නිමිත්තෙන් පැවැත්වූ දේශනයකදී කියාසිටියේ, ගැටුම්වලදී ලිංගික හිංසනයෙන් සිදුවන අන්තරායන් පිටුදැකීමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහ කළ යුතු බවයි.

ගැටුමකදී ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන වැරදිකරුවන් ඒවායේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නේ කලාතුරකිනි. මේ නිසා දිවි ගලවාගත් වින්දිතයින් පවා අපකීර්තියෙන් හා කම්පනයෙන් පීඩා විඳින බව, António Guterres මහතා පැවසීය.

ගැටුම්වලදී ලිංගික හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිති කරගනිමින්, ජාත්‍යන්තර ප්‍රජාව දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනීසිටින බව හෙතෙම ප්‍රකාශ කළේය. එසේම, මානුෂීය අර්බුදවලදී සහ ගෞරවය හා සාමය සඳහා වන අරගලයන්හිදී වඩාත් අවදානමට ලක්විය හැකි අයට සහාය වන බවට පොරොන්දු වන බව ද António Guterres මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම