ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් අඛණ්ඩ සහාය
2022-06-20 16:25:08
Share with:

පවතින දුෂ්කර අවස්ථාවේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව තීරණය කරයි.

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී එරට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවට සහායදීමට ඒකමතිකව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා එහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකාව මුහුණදී ඇති අභියෝග හා එහිදී ඉන්දියාවේ භුමිකාව පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම