චීන විදේශ අමාත්‍යවරයා ‘ ගෝලීය සංවර්ධන වාර්තාව ’ විග්‍රහ කරයි
2022-06-20 16:25:33
Share with:

‘ ගෝලීය සංවර්ධන වාර්තාව ’ පිළිබඳ හඳුන්වා දීමේ රැස්වීමට චීන විදේශ ඇමතිවරයා එක් වෙයි.

අද(20) බෙයිජිං නුවර  සිට, වී‍ඩියෝ ආකාරයෙන් එම රැස්වීමට එක්වූ චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී දේශනයක් පැවැත්වීය.

‘ ගෝලීය සංවර්ධන වාර්තාව ’ මගින් චීනයේ හා ලොව විවිධ රටවල ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් ව අංශ 8කින් 2030 වසරේ සංවර්ධන න්‍යාය පත්‍රය අනුගමනය කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කෙරෙන බව වං යී මහතා සඳහන් කළේ ය. මෙය, ගෝලීය සංවර්ධන මුලපිරීම ඉටු කිරීම සඳහා වන චීනයේ වැදගත් පියවරක් ද වේ. විවිධ පාර්ශ්ව සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරීම සැබෑ කරමින්, 2030 වසරේ න්‍යාය පත්‍රය ඉදිරියට මෙහෙයවීම වේගවත් කර, ගෝලීය සංවර්ධිත පොදු ප්‍රජාවක් ගොඩනැංවීම චීනයේ අපේක්ෂාව බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම