“රුසියාවට සම්බාධක පැනවීමෙන් හානි සිදුවන්නේ රුසියාවට නොව ඇමරිකාවටයි” ඇමරිකානු ආර්ථික විශේෂඥයෙකුගෙන් ප්‍රකාශයක්
2022-06-20 12:30:55
Share with:

               

                රුසියාවට සම්බාධක පැනවීමෙන් හානි සිදුවන්නේ රුසියාවට නොව තම රටට බව ඇමරිකානු ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධානි William Lugar මහතා පවසයි.

                ඔහු මේ බව පැවසුවේ පසුගිය දා එරට මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය. ජාතික යහපත හමුවේ ඇමරිකාව රුසියාවට එරෙහිව කෙතරම් සම්බාධක පැනවුව ද රුසියාව සිය ස්ථාවරය වෙනස් කර නොමැත. එවන් සම්බාධක තුළින් රුසියාව යුක්රේනයේ ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම්වලට විශාල බලපෑමක් එල්ල නොවන බව William Lugar මහතා එහිදී කියා සිටියේ ය. එපමණක් නොව රුසියාවට සම්බාධක පැනවීම හේතුවෙන් ඉන්ධන හා ආහාර මිල අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. එමගින් ඇමරිකාව පො‍රොන්දු වූ ආකාරයට ඇමරිකානු ජනතාව ඇතුළු ලෝකවාසීන්ට කිසිදු යහපතක් අත් වී නොමැත. එයින් ඇමරිකාවට ද හානි සිදු වී ඇතැයි William Lugar මහතා පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම