BRICS සංවිධානයේ දැක්ම යතාර්ථයක් බවට පත් කරන චීනයේ යෝජනා
2022-06-20 10:42:11
Share with:

BRICS  සංවිධානය ලෝකයේ නැගී එන ආර්ථික බලවතුන් වූ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොට ගනිමින් නිර්මාණය විය. ආර්ථික වශයෙන් ඉලක්කගත වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමේ අරමුණින් මූලික වශයෙන් ආරම්භ වුව ද, වර්තමානයේ දේශපාලන, ආරක්ෂක, සමාජ, සංස්කෘතික සහ සෞඛ්‍යමය අංශයන් දක්වා විහිදුණු බහුමානීය සංවිධානයක් බවට වර්තමානයේ BRICS සංවිධානය පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ජාත්‍යන්තර සබඳතා අධ්‍යානාංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත් කන්දඋඩහේවා මහතා පවසයි. මේ සංවිධානය, ලෝක ආර්ථිකය, ලෝක ජනගහනය සහ ලෝක දේශපාලනය තුළ ඉදිරිපත් කරන ප්‍රවණතාවයන් අද වන විට ජාත්‍යන්තර පර්යාය තුළ විශාල වෙනස්කම් ඇති කරමින් පවතී.

චීනය මූලික කර ගත් මෙම සංවිධානය පශ්චාත් කොවිඩ් අවධියේ දී සමූහයක් ලෙස නැගී සිටිමින් කටයුතු කළේය. එහෙයින් සෑමවිටම ලෝකය තුළ නව්‍ය ආකාරයේ ආර්ථික ප්‍රවාහයක් ඇති කිරීමට මෙම සාමාජිකයන් උත්සහ කරන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පවසයි.

BRICS සහයෝගිතා රාමුව යටතේ, චීනය ප්‍රධාන වශයෙන් නව සංකල්පයන් කිහිපයක් ඉදිරිපත් කර ඇත. මුලින්ම ලෝක වෙළඳාම තුළ ආර්ථික සහයෝගිතාවය වර්ධනය කිරීම වැදගත් බවට යෝජනා කෙරේ. ලෝක සාමය හා සුරක්ෂිතතාවය වෙනුවෙන් බහුපාර්ශවීය ප්‍රවේශයේ වැදගත්කම චීනය විසින් අවධාරණය කර ඇත. රටවල් අතර හා ජනතාව අතර පවතින සහයෝගිතාවය වඩා පුළුල් මට්ටමකට ගෙන ඒමත්, ඒ හරහා විවිධ අංශවල ද සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීමට තෙවනුව යෝජනා කර ඇත. සාමාජික රටවල් සමග පමණක් නොව "BRICS (+)" “වැඩසටහන යටතේ ජාත්‍යන්තර සංවිධාන, කලාපීය සංවිධාන සමග සහයෝගිතාවය ඇති කර ගැනීම අවශ්‍ය බව යෝජනාව ලෙස ඉදිරිපත් කර ඇත. ඒ අනුව BRICS සංවිධානයේ දැක්ම යතාර්ථයක් බවට පත්කිරීමට චීනය මෙම යෝජනාවන් තුළින් අපේක්ෂා කරන බව ද පවසයි.

චීනය විසින් BRICS සංවිධානය උදෙසාම වූ පාරිසරික දැක්මක් ඉදිරිපත් කර ඇත. පාරිසරික මූල්‍යකරණයකට යොමු වීමට ද මේ හරහා උත්සහ කරයි.සාමාජික රටවල පාරිසරික අමාත්‍යවරුන් ගෝලීය වශයෙන් වූ පාරිසරික තර්ජන සදහා මුහුණ දීමට අවශ්‍ය එකගතාවයන් ද ඇති කර ගැනීම මෙහිලා විශේෂ වේ. පාරිසරික වෙනස්වීම හා ජෛව පද්ධතීන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී චීනය ඉස්මතු කර ඇත. ආර්ථික හැකියාවන් ශුන්‍ය වීමට ඉඩ නොදී, තිරසාර සංවර්ධන ප්‍රවේශය ඇති කර ගැනීමට චීනය විසින් නව ප්‍රවේශයක් ලබා ගැනීම ඉතා වැදගත් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම