බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව ලොවට සුබවාදී අපේක්ෂා රැගෙන එනු ඇත
2022-06-20 10:39:23
Share with:

14 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ සමස්ත ලෝකයම බෙහෙවින් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටින මොහොතකයි. චීනයේ සභාපතිත්වයෙන් පැවැත්වෙන එය ලොවට කිසියම් අස්වැසිල්ලක් රැගෙන එනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ප්‍රවීණ දේශපාලන විචාරක, ජනමාධ්‍යවේදී  විජය දිසානායක මහතා කියාසිටී. එහි මෙවර තේමාව වන්නේ, "උසස් තත්ත්වයේ හවුල්කාරීත්වයක් ගොඩනගමින් ගෝලීය සංවර්ධනයේ නව යුගයක් බිහිකිරීම" යන්නයි. එසේම 2030 වසරේ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම ද එහි ප්‍රමුඛ අරමුණකි. මෙහි කියැවෙන 'උසස් තත්ත්වයේ හවුල්කාරීත්වය' යනු චීන ජනාධිපතිවරයා නිරතුරුවම ජගත් ප්‍රජාවගෙන් සුරකින ලෙස ඉල්ලා සිටින බහුපාර්ශ්විකත්වය යි. එනම් සෙසු බ්‍රික්ස් රටවල් හා එක්ව විවෘත හා පොදු ජයග්‍රහණ අත්පත් කර ගැනීමයි.

මෙම සංකල්පය චීනය යෝජනා කර ඇති ගෝලීය සංවර්ධන මුලපිරුම සමග ද ඍජුව සම්බන්ධ වේ. උදා වී ඇත්තේ, මුලු ලොවම මුහුණ පා සිටින අසීරුතාවන්ට එක්ව විසඳුම් සෙවිය යුතු යුගයකි. ඒ අනුව, වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය හා ආහාර අර්බුදය වැනි සියලු කරුණු කෙරෙහි බ්‍රික්ස් රටවල නායකයන් ගේ ඍජු අවධානය යොමුවනු ඇත. එසේම, එමගින් ප්‍රායෝගික විසඳුම් රැසක් ලොවට ඉදිරිපත් වනු ඇතැයි ද ප්‍රවීණ දේශපාලන විචාරක විජය දිසානායක මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම