වී අලෙවි මණ්ඩලයෙන් මාසිකව සහල් මෙට්‍රික් ටොන් දසදහසක්
2022-06-20 16:44:20
Share with:

වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොගවලින් මාසිකව සහල් මෙට්‍රික් ටොන් දසදහසක් වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඒ අනුව,  සම්බා සහල් පී එම් බී රයිස් නමින් කිලෝ 05 හා කිලෝ 10 ඇසුරුම් ලෙස  වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇත. වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පාලනය සහ  මිල ඉහළ යාම වැළැක්වීම මෙහි අරමුණයි.

වී අලෙවි මණ්ඩලය පසුගිය සතියේ ද සහල් මෙට්‍රික් ටොන් 1500 ක් වෙළෙඳපොළට නිකුත් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම