පොහොර දේශීය වශයෙන් නිපදවීමට අවධානය
2022-06-19 16:19:52
Share with:

එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

1979 වසරේ සිට නිසි ප්‍රයෝජනයක් නොගෙන පවතින ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියෙන් වී සහ අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර(ටී.එස්.පී) සහ තනි සුපිරි පොහොර(එස්.එස්.පී) නිෂ්පාදනය ඉක්මනින් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම