රුසියාව සමග සාකච්ඡා යළි ආරම්භ කිරීමේ ඉඩකඩක් තිබෙන බව යුක්‍රේනය පවසයි
2022-06-19 16:12:57
Share with:

අගෝස්තු අග වන විට රුසියාව සමග සාකච්ඡා යළි ආරම්භ කිරීමේ ඉඩකඩක් තිබෙන බව යුක්‍රේනය පවසයි.

රුසියානු හමුදාව සිය රටෙන් බැහැර කිරීම හෝ වසර 2022 පෙබරවාරි 24දාට පෙර සිටි ස්ථානයට ආපසු කැඳවා ගැනීම යන පූර්ව කොන්දේසි දෙකක් අතරින් එකක් මත, රුසියාව සමග අවම මට්ටමක ගිවිසුමකට අත්සන් තැබීම, යුක්‍රේනයට සැලකිල්ලට ගත හැකි යැයි යුක්‍රේන සාකච්ඡා නියෝජිත කණ්ඩායමේ නායක Davyd Arakhamia මහතා ඊයේ(18) කියා සිටියේය.

මේ අතර, තම රට යුක්‍රේන ගැටුමට තල්ලු කිරීමට බටහිර රටවල් තැත් කරමින් සිටින බව  බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා ප්‍රකාශ කරයි. බෙලරුසියාව ඊට සම්බන්ධ නොවිය යුතු අතර යුද්ධ ද ආරම්භ නොකළ යුතුය. තම රටට පහරදුනහොත් පමණක් බෙලරුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව ඔහු කීය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල්, ආර්ථික හා අවි ආයුධ හරහා යුක්‍රේනයට සහාය වී ඇත්තේ යුද්ධය දීර්ඝ කිරීම සඳහා බව ඔහු පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම