ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් හෙට(20) දිවයිනට
2022-06-19 16:22:52
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය සම්බන්ධයෙන් වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම්වලට එළඹීම සඳහා එම අරමුදලේ නියෝජිත පිරිසක් හෙට(20) දිවයිනට පැමිණෙති. කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිසක් හැකි ඉක්මණින් මෙරටට එවන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගෙන් පසුගියදා ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවට සහායදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සූදානමින් සිටින බව එහිදී පැවසූ අධ්‍යක්‍ෂවරිය අගමැතිවරයාගේ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිසක් මෙරටට එවීමට එකඟත්වය පළ කළාය.

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් තැබීම මත ණය ගැනීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග රඳා පවතින බවත් නියෝජිත පිරිස සතියක් පමණ සාකච්ඡා සඳහා මෙරට රැඳී සිටින බවත් අගමැති කාර්යාලය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම