ගුරුවරුන්ට පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට පියවර
2022-06-18 15:57:22
Share with:

රටේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන කොන්දේසි කිහිපයකට යටත්ව ගුරුවරුන්ට පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සලසා තිබේ.

ගුරුවරුන්ගේ ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගෙන ඇති අතර, අදාළ අනුයුක්ත කිරීම් දෙසැම්බර් 31 දක්වා පමණක් ක‍්‍රියාත්මක කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛනය නිකුත් කර තිබේ. මීට අදාළ සියලු ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාව මත පමණක් කළ යුතු බවට දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම