දූෂණ විරෝධී පියවර අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි
2022-06-18 15:27:05
Share with:

දූෂණය පිටුදැකීමේ අරගලය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමූහික අධ්‍යයනයක් පැවැත්වේ.

‘නිලධාරීන් දූෂණ සිදු කිරීමට බියවීම, දූෂණය සිදු කිරීමට ඉඩ මෙන්ම ආශාව ද නොමැතිවීම’ යන මැයෙන් වූ අධ්‍යයනය  චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පැවැත්විණ.

දූෂණ මර්දන සටන සම්පූර්ණ ජයක් ලබා ගෙන තහවුරු කර තිබුණ ද එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයක පවතින බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‘ශුන්‍ය සමාව’ සංකල්පයට අනුකූලව විවිධ ක්ෂේත්‍රවල දූෂණ විරෝධී සටන් සම්බන්ධීකරණයෙන් ඉදිරියට මෙහෙයවිය යුතුය. යළි යළිත් මතුවූ ගැටළු, පහව යන තෙක් ක්‍රියත්මක විය යුතුය. අලුතෙන් මතුවූ ගැටළු කඩිනමින් හඳුනා ගෙන එය ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතු බවට ද අවධාරණය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ විරෝධී මෙහෙයුමේදී නිලධාරීන්, විශේෂයෙන් උසස් පෙළේ නිලධාරීන් දැඩි ලෙස ස්වයං පාලනයෙන් සිටිය යුතුය. තමා පමණක් නොව, තම ඥාතීන්, සමීපතයින්, තමාගේ පාලනයට ලක් ක්ෂේත්‍ර ද මනා ව පාලනය කළ යුතුය. පිරිසිදු දේශපාලන පරිසරයක්, මෙන්ම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් අතර  පැහැදිලි සහෝදරත්වයක් සහ විනයගරුක ඉහල හා පහල මට්ටම් අතර සම්බන්ධතාවය ගොඩනැගීමේදී ද ව්‍යාපාර වෙනුවෙන් සේවා සපයමින් පවිත්‍රව අදාල කටයුතු හැසිරවීමේදී ද, සක්‍රීය හා ධනාත්මක සමාජ පරිසරයක් ගොඩනැගීමේදී ද, සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ප්‍රමුඛ කාර්යභාරය ඉටු කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම