ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය පාලනයට පියවර ගන්නා බව අගමැති කියයි
2022-06-18 15:59:14
Share with:

ඉදිරි කාලයේදී ජනගහණයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසට අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතන වල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා සිටියේය. මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් තුළ ලබා දෙන ලෙසත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම