ලෝකයේ අවතැන් වූ ළමුන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට
2022-06-18 15:51:55
Share with:

ලෝකයේ අවතැන් වූ ළමුන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල පවසයි.

2021 අග දක්වා, ගැටුම් හා ප්‍රචණ්ඩත්වය ඇතුළු අර්බුද හේතුවෙන් අවතැන් වූ ළමුන් සංඛ්‍යාව මිලියන 36.5 කට ආසන්න බව එම අරමුදල ඊයේ (17) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙයි. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු වාර්තා වී ඇති ඉහළම අගයය. ඒ අතර, ළමා සරණාගතයින් මිලියන 13.7 කි. ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ ළමුන් මිලියන 22.8 කට ආසන්නය. දේශගුණික හා පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් අවතැන් වූ ළමුන් එම පිරිසට ඇතුළත්ව නොමැත.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම