යුක්‍රේනය ඇතුළු පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ රටවල ජෛව විද්‍යාගාරවලට සම්බන්ධ වූ බව ඇමරිකාව පිළිගනී
2022-06-18 18:26:44
Share with:

යුක්‍රේනය ඇතුළු පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ රටවල ජෛව විද්‍යාගාරවලට සම්බන්ධ වූ බව ඇමරිකාව පිළි ගෙන ඇතැයි රුසියාව පවසයි.

රුසියානු විකිරණ, රසායනික හා ජෛව සුරැකුම් හමුදා අණදෙන Igor Kirillov මහතා පසුගියදා(16) මේ බව කියා සිටියේය. සිය යුදමය ජෛව හැකියාව වර්ධනය කිරීම ඇමරිකාවේ අරමුණ වූ බව රුසියාව අදහස් කරන්නේ යැයි ද ඔහු කීය.

ඇමරිකාව පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්වූ රටවලදී ජෛව ක්‍රියාකාරකම් සිදු කිරීමේ තත්ත්වය, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය 9 වැනිදා සිය වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කරනු ලැබීය. යුක්‍රේනයේ ජෛව විද්‍යාගාර 46කට සහාය වූ බවටත්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුක්‍රේන විද්‍යා තාක්ෂණික මධ්‍යස්ථානය අතර බැඳීමක් ඇති බවටත් එහිදී පිළි ගෙන තිබෙන බව Igor Kirillov මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම