යුරෝපා රටවල් 4ක නායකයෝ යුක්රේනයේ සංචාරයක
2022-06-17 10:37:37
Share with:

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා හා යුක්රේනයේ සංචාරයක නිරත වන ප්‍රංශ, ජර්මන්, ඉතාලි හා රුමේනියා  නායකයන් අතර හමුව ඊයේ (16) සිදුවිය. එම හමුවෙන් පසු ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා පැවසුවේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා රුමේනියාව එකඟතාවට එළඹ ඇති අතර යුරෝපා සංගමය කඩිනමින් යුක්රේනයට යුරෝපා සංගමයේ අපේක්ෂිත සාමාජික රටක ස්ථානය ලබා දීමට අපේක්ෂා කරන බවයි.

Volodymyr Zelensky මහතා පැවසුවේ එම රටවල් හතරේ නායකයන් සමග යුක්රේන ජාතික ආරක්ෂක හැකියාව, යුක්රේන වර්ධනය යුරෝපයට සංකලන වීම හා රුසියාවට පනවන සම්බාධක ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රශ්න සාකච්ඡා කළ බවයි. යුක්රේනය යුරෝපා සංගමයේ අපේක්ෂිත සාමාජික රටක ස්ථානය ලබා ගැනීමේ ප්‍රශ්නය ලබන සතියේ යුරෝපා සංගම් සමුළුවේදී සාකච්ඡාවට ලක් වනු ඇත.

ඒ සම්බන්ධයෙන් රුසියා ආරක්ෂක කවුන්සරයේ උප සභාපති Dmitry Medvedev මහතා පැවසුවේ බටහිර රටවල නායකයන් යුක්රේනයේ සංචාරයක නිරත වීම නිශ්ඵල වන අතර ඉන් යුක්රේනයට සාමයට ළඟා කර ගැනීමට උපකාරී නොවන බවයි.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම