චීන රජය සතු ව්ය වසායන්හි සමස්ත වත්කම්වල වර්ධනයක්
2022-06-17 15:58:46
Share with:

චීන රජය සතු ව්‍යවසායන්හි සමස්ත වත්කම් වර්ධනය වේ.

අද (17) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කටයුතු දෙපාර්තමේන්තුව චීනයේ ම ගෙවී ගිය දශකය යන මැයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය. චීන රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය වත්කම් අධීක්ෂණ හා පරිපාලන කොමිෂන් සභාවේ නියෝජ්‍ය වෙන් චියේ මිං මහතා ඊට එක් වෙමින් කියා සිටියේ චීන රජය සතු ව්‍යවසායන්හි සමස්ත වත්කම් වර්ධනය වී ඇති බවයි.2012 වසරේ එම වත්කම් වටිනාකම යුවාන් ට්‍රිලියන31.4කි. 2021 වසර වන විට එය යුවාන් ට්‍රිලියන 75.6 දක්වා ඉහළ ගියේ ය. එහි සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය 10.3%ක් බව ඔහු එහිදී පැවසීය. එමෙන් ම ලොව ප්‍රබලතම ව්‍යවසාය 500 ලැයිස්තුවට ඇතුළත් වූ චීන රජය සතු ව්‍යවසාය සංඛ්‍යාව වර්ධනය වී තිබෙන බව ද වෙන් චියේ මිං මහතා සඳහන් කරයි.  2012 වසරේ එම සංඛ්‍යාව 43 වූ අතර 2021 වසර වන විට එය 49 දක්වා වැඩි විය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම