කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනපති කියයි
2022-06-17 17:17:33
Share with:

කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දිර්ඝ කාලයක සිට පවතින නීතිරීති ආයෝජන සඳහා දැඩි බාධාවකි. ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපාය මාර්ග අනුගමනය කළ යුතුය. එමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකිරීමට ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය සඳහා කොළඹ ජනාධිපති මන්දිරයේ  පැවති සාකච්ඡාවකදීය. විදේශ විනිමය ඉපයිය හැකි කර්මාන් හඳුනාගෙන එහි වර්ධනය සඳහා ගතයුතු ඉදිරි වැඩපිළිවෙල කඩිනමින් සකස් කිරීම අත්‍යවශ්‍යය. විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම