චීනයේ මූල්‍ය ආයතන සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් චීන ජනාධිපතිවරයා‍ ගේ ප්‍රධානත්වයෙන්
2022-06-17 20:08:32
Share with:

‘මූල්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ ගැටළු නිවැරදි කිරීම පිළිබඳ වාර්තාව’ පරීක්ෂා කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය සාකච්ඡාවක් පවත්වයි.

අද(17) පැවති එම සමුළුවේ මුලසුන දැරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසිනි.

ෂී ජින්පිං මහතා  ප්‍රධානත්වය දරන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම මූල්‍ය ආයතනවලින් අනාවරණය වූ ගැටළු නිවැරදි කිරීමේ වැඩකටයුතු, මූල්‍ය සේවා ප්‍රතිසංස්කරණයේ වැදගත් පියවරක් ලෙසට සලකයි. ඒ අනුව වැදගත් උපදෙස් මාලාවක් ලබා දී, එම වැඩකටයුතු සඳහා පැහැදිලි දිශාවක් පෙන්වා ඇත.  ‍දැනට එහි මූලික අදියර සාර්ථක වී තිබේ.

විනය පරීක්ෂණ ආයතන, නියාමනය ශක්තිමත් කරමින් කැපී පෙනෙන ගැටළු කෙරේ විශේෂ නිවැරදි කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ යුතු අතර උපමාන හා නීතිරීති උල්ලංඝනය කිරීම් දැඩි ලෙස හැසිරවිය යුතු බවට ද එම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණ.චීන ලක්ෂණයෙන් යුත් මූල්‍ය සේවා සංවර්ධන මාර්ගයක් මත ස්ථිරව ඉදිරියට ගමන් කළ යුතු යැයි ද එහිදී ප්‍රකාශ වී තිබේ. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම