චීන නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනය ගෝලීය වෙළඳපොළට සිදු කරන බලපෑම
2022-06-17 16:41:58
Share with:

ආසියාවේ ආර්ථික වර්ධනය සඳහා සෘජුවම චීනයේ ආර්ථික වර්ධනය බලපාන බව ව්‍යාපාර විශ්ලේෂක ආචාර්ය සරත් බුද්ධදාස මහතා පවසයි. සමස්‍ත ලෝකයේ අංක එකේ නිෂ්පාදකයා බවට පත් වෙමින්, චීනය ලෝකය තුළ ක්‍රමිකව වර්ධනීය ප්‍රවේශයකට යොමුව ඇත. ලෝක නිෂ්පාදනයේ නිමවුම් තුළ චීනය සියයට 30ක දායකත්වයක් දක්වන අතර ඇමරිකාවේ දායකත්වය සියයට 15ක් පමණි. ලෝකයේ රටවල්වලට වැඩිම නිෂ්පාදන ප්‍රමාණයක් නිර්යාත කරන රට බවට ද චීනය මේ වන විට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ලෝකයේ නිෂ්පාදන අංශයේ සැපයුම් දාමය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් ලෝකයේ නිෂ්පාදන කේන්ද්‍රය බවට චීනය පත්වෙමින් පවතී. ලෝක නිෂ්පාදිතයට අවශ්‍ය අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර නිර්මාණය හා ඒ සඳහා අවශ්‍ය වෙළෙඳපොළ විවර කර දීමට ද චීනය කටයුතු කරයි. ඒ අනුව ගෝලීය ආර්ථිකයට ඉහළ දායකත්වයක් චීනය ලබා දෙන බව ගම්‍ය වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

චීනයේ සාර්ථකත්වයේ පදනම වන්නේ වසර 5කට වරක් ඉදිරිපත් කෙරෙන සැලසුම් සහහත වැඩපිළිවෙළයි. ඒ අනුව අදාළ කාලයේ ආර්ථිකයත්, සමාජයත්, පරිසරයත් සංවර්ධනය කළ යුතු ආකාරය නවතාවයකින් යුතුව තීරණය කෙරේ. උසස් ගුණත්වයෙන් සහ නිර්මාණශීලී ලෙස නිෂ්පාදනයන් සිදු කරමින් අලෙවි කළමණාකරණ තුළ ද චීනය සාර්ථකත්වයට පත්ව ඇති බව ඔහු සඳහන් කළේය.

මේ වන විට චීනය, ලෝකය පුරා විවිධ කලාපයන් වෙනුවෙන් විශාල අයෝජන ප්‍රමාණයක් සිදු කර ඇත. එසේම ලෝකයේ රටවල්වලට අවශ්‍ය තාක්ෂණය ලබා දෙමින් සහ වෙළඳපොළ නිර්මාණය කර දෙමින් අන්තර් සබඳතාවයක් ගොඩනගා ගනිමින් සිටී. එහෙයින් ශ්‍රී ලංකාවට ඒ තුළ ආර්ථිකමය අවස්ථාවන් ළගා කර ගැනීමට හැකියාව පවතී. ඒ හරහා රැකියා අවස්ථා නිර්මාණය වීම, තාක්ෂණික දැනුම ලැබීම සහ ජීවන තත්ත්වය උසස් වීමක් ද සිදු වේ.චීන සේද මාවතේ සුවිශේෂී සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටීම තුළ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා චීනයේ සහයෝගය ඉතා වැදගත් බවයි ආචාර්ය සරත් බුද්ධදාස මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම