2022 BRICS ව්‍යාපාරික සංසදය 22වැනිදා ‍බෙයිජිං හිදී
2022-06-17 15:06:09
Share with:

2022 BRICS ව්‍යාපාරික සංසදය 22වැනිදා ‍බෙයිජිං හිදී පැවැත්වීමට නියමිතයි.

මාර්ගගත හා මාර්ගගත නොවන ක්‍රමවලින් මෙම ව්‍යාපාරික සංසදය පැවැත්වෙන බව, ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රවර්ධනය පිළිබඳ චීන කවුන්සිලයේ උප ප්‍රධානී Zhang Shaogang මහතා සඳහන් කළේ ය.

මෙවර ව්‍යාපාරික සංසදය හා BRICS නායක හමුව සමාන කාලයේ පැවැත්වෙනු ඇති අතර, "BRICS ව්‍යාපාරික හවුල්කාරිත්වය  පුළුල් කරමින්, ගෝලීය සංවර්ධනය සඳහා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම" එහි තේමාවයි. එහි සමාරම්භක උත්සවයට අමතරව තේමා ගත සම්මන්ත්‍රණ 5 ක් පැවැත්වනු ඇත.

BRICS ව්‍යාපාරික සංසදය යනු BRICS නායක හමුවේ වැදගත් සහායක ක්‍රියාකාරකමකි. එහි අරමුණු වන්නේ, BRICS රටවල ව්‍යාපාරික කවයන් අතර සංවාදය සහ උපදේශන ප්‍රවර්ධනය කිරීම, ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීම, නැගී එන වෙළඳපොල රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපාරික ප්‍රජාවගේ හඬ ප්‍රකාශ කිරීමය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම