අනාගතයේදී ඇමරිකාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවනු ඇති බව ඇමරිකාවේ විමසීම්වලට එක්වූ බහුතර පිරිසක් පවසති
2022-06-17 15:35:17
Share with:

අනාගතයේදී ඇමරිකාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවනු ඇති බව ඇමරිකාවේ මාර්ගගත ඡන්ද විමසීම්වලට එක්වූ  අඩකට ආසන්න පිරිසක් විශ්වාස කරති.

Yahoo සහ YouGov පසුගිය15වැනිදා ඒකාබද්ධව ජනමත විමසුමක් නිකුත් කළේය. අනාගතයේදී ඇමරිකාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවනු ඇතැයි විමසුමට ලක් වූවන්ගෙන් 49%ක් විශ්වාස කරන බව එහි දැක්වේ. එසේම 46%ක් විශ්වාස කරන්නේ තම ජීවිත කාලය තුළ ඇමරිකාවේ සිවිල් යුද්ධයක් දැකීමට ද ඉඩ ඇති බවයි.

ඇමරිකානු කොංග්‍රසයේ කැරලි කෝලාහල පිළිබඳ සවන්දීමේ රැස්වීමේ දී පක්ෂ දෙක එකිනෙකා විවේචනය කොට අන්‍යෝන්‍ය වශයෙන් හානි කර ගැනීමේ  කුමන්ත්‍රණ වේදිකාවක් බවට පත්ව ඇත. වර්තමානයේ ඇමරිකාවේ “සුදු ජාතිකයන්ගේ අධිශ්‍රේෂ්ඨත්වය”පැතිරීම සහ අවි ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වීම යනාදී සමාජ ගැටලු වඩ වඩාත් කැපී පෙනේ. වඩා වැඩි ඇමරිකානු ජාති‍කයෝ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කෙරෙහි අශුභවාදී ආකල්පයකින් සිටිති.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම