වසංගත පාලනය, ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ආරක්ෂක සංවර්ධනය සහතික කිරීම කෙරෙහි චීනය තුළ දැඩි විශ්වාසයක්
2022-06-17 18:41:22
Share with:

වසංගත පාලනය, ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ආරක්ෂක සංවර්ධනය සහතික කිරීම කෙරෙහි චීනයට දැඩි විශ්වාසයක් ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනයේ “ශුන්‍ය කොවිඩ් පාලනය” පිළිබඳව චීනයේ ඇමරිකානු තානාපතිවරයා ඊයේ (16) චෝදනා නැගීය. එය විදේශ ආයෝජනවලට බලපාන බව හෙතෙම විශ්වාස කරයි. ඒ පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. චීනය “ශුන්‍ය කොවිඩ් පාලන” ප්‍රතිපත්තිය බිලියන 1.4 කට වැඩි චීන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම වෙනුවෙන් අනුගමනය කරන  බව හෙතෙම පැවසීය.

මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා, චීනයේ ආනයන හා අපනයන ගිය වසරේ සමාන කාලයට වඩා 8.3% කින් ඉහළ ගිය අතර විදේශ ආයෝජන 17.3% කින් වර්ධනය වූ බව ද Wang Wenbin මහතා කීය. එම සංඛ්‍යාවලින් විදේශ සමාගම් චීනයේ සමාජ හා ආර්ථික සංවර්ධනය කෙරෙහි දක්වන පූර්ණ විශ්වාසය දැක ගත හැකි බව ද හෙතෙම කියා සිටියේය.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම