චීනයේ පුළුල් වන ගොඩබිම්-මුහුදු මාර්ග ප්‍රවාහන සේවා
2022-06-16 12:26:27
Share with:

චීනයේ Guangxi Zhuang ජාතික ස්වායත්තයේ සුවිශේෂී භූගෝලීය වාසි පවතී. ජාත්‍යන්තර වරායන් 6ක් ආසියාන් රටවල් දහයට මුහුණ ලා ඇති අතර, කිලෝමීටර් 1600ක පමණ ප්‍රධාන ගොඩබිම් වෙරළ තීරයේ ඉතා ප්‍රශස්ත වරායන් පැවතීම මේ විශේෂත්වයයි.

2017 වසරේ අප්‍රේල්  19වැනිදා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Guangxi Zhuang ජාතික ස්වායත්තයේ Beihai නගරයේ Tieshan වරායට පැමිණියේ වාප්පු ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට ය. Beibu ගල්ෆ් වරාය හොඳින් ගොඩනැගීම, කළමනාකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන අතර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉදිකිරීම, විවෘත කිරීම සහ සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය එහිදී කළේය.

2017 වසරේ සැප්තැම්බර් මාසයේදී බටහිර චීනය හරහා දිවෙන චීන-සිංගප්පූරු අන්තර් සම්බන්ධතාව සහ ජාත්‍යන්තර ගොඩබිම්-මුහුදු වෙළඳාම සඳහා වූ නව මාර්ගය ලෝකයේ අවධානයට ලක්වූවකි. මේ වන විට, නව බටහිර ගොඩබිම්-මුහුදු මාර්ගයෙහි මුහුදු-දුම්රිය හා අන්තර් මාදිලි දුම්රිය මාර්ග මගින් ආවරණය වන පළාත් සංඛ්‍යාව 2017 වසරේදී 4 ක් ව පැවතිණ. වර්තමානය වනවිට එය 14 ක් දක්වා පුළුල් කර ඇති අතර, වාර්ෂික දුම්රිය සංඛ්‍යාව 178 සිට 6,117 දක්වා ඉහළ නංවා ඇත. එහි සාමාන්‍ය වාර්ෂික වර්ධනය 142% කි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම