ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ මිණුම් ලකුණු පොළී අනුපාතිකය ඉහළට
2022-06-16 12:22:18
Share with:

ඇමරිකානු ෆෙඩරල් සංචිතය එහි මිණුම් ලකුණු පොළී අනුපාතිකය ඉහළ නංවයි.

එම අනුපාතිකය පදනම් ලකුණු 75 කින් ඉහළ නංවා ඇතැයි ඇමරිකානු ෆෙඩරල් සංචිතය ඊයේ (15) ප්‍රකාශ කළේ ය. එමගින් ෆෙඩරල් අරමුදල් අනුපාතිකය සඳහා වන ඉලක්ක පරාසය 1.5% සහ 1.75% අතර දක්වා ඉහළ නංවාලීමට අපේක්ෂා කෙරේ. මෙය 1994 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ෆෙඩරල් සංචිතය සිදු කළ වැඩිම අනුපාතික ඉහළ දැමීමයි.

 කොවිඩ් වසංගතය හේතුවෙන් ඉල්ලුම හා සැපයුම අතර පවතින අසමබරතාව සහ බලශක්ති මෙන්ම සෙසු භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමෙන් ඇති වන පීඩනය , ඉහළ යමින් පවතින උද්ධමනයට බල පා ඇතැයි ඇමරිකානු ෆෙඩරල් සංචිතය ඊයේ (15) නිවේදනය කළේ ය. ඒ, දෙදින මුදල් ප්‍රතිපත්ති පිළිබඳ රැස්වීමක් අවසන් කිරීමෙන් පසුවයි. උද්ධමනයෙන් ඇති වන අවදානම් පිළිබඳව ඉහළ අවධානයක් යොමු කර සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම