කාන්තාවන්ට ප්‍රශස්ත ආරක්ෂාවක් තහවුරු කළ හැක්කේ සාමය සාක්ෂාත් කිරීමෙන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර උප නියෝජිත කියයි
2022-06-16 09:18:02
Share with:

කාන්තාවන්ට ප්‍රශස්ත ආරක්ෂාවක් තහවුරු කළ හැක්කේ සාමය සාක්ෂාත් කර ගැනීම තුළින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිතවරයෙක් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing මහතා ඊයේ (15) ආරක්ෂක මණ්ඩලයේ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ විවෘත විවාදයකදී දේශනයක් පවත්වමින් මේ බව කියා සිටියේය.

කාන්තාවන්ගේ විස්තීර්ණ සංවර්ධනය යනු, කාන්තාවන්, සාමය හා ආරක්ෂාව යන න්‍යාය පත්‍රයේ මූලික ඉලක්කයක් බව Dai Bing මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අදාළ කලාපීය සංවිධාන සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතුය. එසේම වඩාත් කාන්තාවන් දරිද්‍රතාවයෙන් හා කුසගින්නෙන් මුදාගැනීමටත්, ආර්ථික ස්වාධීනත්වය ලබා ගැනීමට සහ සාම ක්‍රියාවලියට ඔවුන්ගේ ඵලදායී සහභාගීත්වය සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කිරීමටත් සහය විය යුතු බව ද Dai Bing මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම