බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ උසස් නියෝජිතයන්ගේ 12වැනි රැස්වීම චීනයේ ප්‍රධානත්වයෙන්
2022-06-16 10:52:04
Share with:

බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රමුඛ පෙළේ නියෝජිතයන්ගේ 12වැනි රැස්වීම චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එහි විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්ෂ Yang Jiechi මහතා ඊයේ(15) බෙයිජිං හි සිට, වීඩියෝ ආකාරයෙන් පැවති එම රැස්වීමේ මුලසුන දැරීය.

‘ විවෘතභාවය, ඉවසිලිවන්ත භාවය, සහයෝගිතාව සහ පොදු-ජයග්‍රාහී බව ’ කේන්ද්‍ර කරගත් බ්‍රික්ස් සංවිධාන චින්තනය එම රටවල් අඛණ්ඩ ව අනුගමනය කරන බව හෙතෙම එහිදී අවධාරණය කළේ ය. එසේම, සංවර්ධනය වෙමින් පවතින රටවලට පොදු ප්‍රතිලාභ ස්ථිර ව සැපයෙනු ඇත. බ්‍රික්ස් රටවල් පහේ රාජ්‍ය නායකයන්ගේ දේශපාලන මඟපෙන්වීම අනුව, මෙම වසරේ පැවැත්වීමට නියමිත බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුව සඳහා එම රටවල් මැනවින් සූදානම් කෙරෙන බව ද Yang Jiechi මහතා කියා සිටී.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති නිල කාර්යාලයේ ඇමතිවරයා, බ්‍රසීලයේ ජනාධිපති නිල කාර්යාලයේ ආයතනික ආරක්ෂක ලේකම්වරයා, රුසියානු ෆෙඩරල් ආරක්ෂක කවුන්සලයේ ලේකම්වරයා සහ ඉන්දියානු ජාතිකාරක්ෂක උපදේශකයා එම රැස්වීමට එක්වූහ. බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 14වැනි හමුවෙන් නිසි ප්‍රායෝගික ප්‍රගතියක් අත් කරගැනීම සහ ඒවා ඉදිරියට මෙහෙයවීම ඒ ඒ පාර්ශ්වයන්ගේ පොදු එකඟතාවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම