ලෝක භාණ්ඩ මිල යථා තත්ත්වයක පවත්වා ගැනීමට චීනයේ දායකත්වය
2022-06-16 16:53:15
Share with:

චීනය ලෝක භාණ්ඩ මිල යථා තත්ත්වයක පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රකාශක Meng Wei මහත්මිය අද(16)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. පසුගිය මැයි මස චීන පරිභෝගික මිල දර්ශකය පෙර වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේ දී සියයට 2.1කින් ඉහළ ගියද පසුගිය අප්‍රේල් මස හා සැසඳීමේදී සමාන මට්ටමකි. මාසිකව සියයට 0.2ක අඩුවීමක් ද පෙන්නුම් කෙරේ. එමෙන්ම නිෂ්පාදිතයන්‍ ගේ මිල දර්ශකයේ වර්ධන වේගය ගිය වසර හා සැසඳීමේදී, සියයට 6.4ක් දක්වා පහත වැටී ඇත. අප්‍රේල් මස හා සැසඳීමේදී එහි සියයට 1.6 ක අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර එය මාස 7 ක් පුරා අඛණ්ඩව පහළ ගොස් ඇත.

ජාත්‍යන්තර වශයෙන්  භාණ්ඩ තොග මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම මෙන්ම ලොව වෙනත් ආර්ථික ඒකකයන් ගේ වැඩි උද්ධමන බලපෑම් තත්ත්වයට පොදුවේ මුහුණ දීම යටතේ, චීන දේශීය භාණ්ඩ මිල යථා තත්ත්වයක පවත්වා ගැනීමට හැකිව තිබේ.එය ගෝලීය භාණ්ඩ මිල යථා තත්ත්වයක පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ද Meng Wei මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම