ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැළසුම්
2022-06-16 17:04:57
Share with:

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැළසුම් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පස්වරුවේ රැස්වූ ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ. මෙම ව්‍යාපෘති පිළිබඳව මතු වී ඇති ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීමට ද එහිදී තීරණය විය. 

දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. එවැනි මහා මධ්‍ය හා සුළු පරිමාණ ජල ව්‍යාපෘති 2337 ක් ක්‍රියාත්මක බවත් ඉන් බොහොමයක් සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇති බවත් එහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම