ලෝක ආර්ථිකයේ පරිවර්තනීය හැරවුම“එක් තීරයක් එක් මාවතක්”යෝජනාව
2022-06-15 14:40:37
Share with:

පුරාණ සේද මාවත මගින් රටවල් ගණනාවක ආර්ථික, වාණිජ, කලාව, ආගම, තාක්ෂණය, භාෂාව සහ සංස්කෘතිය ආදී විවිධ අංශවල ප්‍රවර්ධනයක් ඇති වූ බවත්, මේ සියවස තුළ එය නවමු ආකාරයෙන් ලෝකයට ඉදිරිපත් වී ඇති බව, ශ්‍රී ලංකා ආර්ථිකවිද්‍යාඥන්ගේ සංගමයේ සභාපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරති.

චීනය මේ වන විට ආර්ථික වශයෙන් ඉතාම ශක්තිමත් රටකි. වර්තමාන විශ්ලේෂණයට අනුව අනාගතයේ දී චීනය ලොව අංක එකේ ආර්ථිකය බවට පත් වනු ඇති. වෙළඳාම, තාක්ෂණය, දේශපාලනය, යුධමය සහයෝගිතා, අන්තර්ජාතික ආධාර සහ ජාත්‍යන්තර සංවිධානවල සබඳතා ආදි අංශවල චීනයේ වැදගත්කම ක්‍රමිකව වර්ධනය වීමත් සමග පුරාණ සේද මාවත යළි ඉස්මතු වී ඇති බව ද ස්වාමීන්වහන්සේ සඳහන් කරති.

2013 වර්ෂයේ දී , චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් හඳුන්වා දුන් “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන හරහා රටවල් 100කට වඩා වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ කෙරේ. එමගින් විශාල ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට අපේක්ෂා කෙරෙන බව ද මහාචාර්ය ස්වාමීන් වහන්සේ පවසයි. ගොඩබිම් හා මුහුදු මාර්ග හරහා ලෝකයේ සෑම කලාපයක්ම මේ හරහා සම්බන්ධ වේ.

වර්තමානයේ සියලුම රටවල් හුදකලා බවින් මිදී ඒකාබද්ධ ප්‍රවේශයක් සහිතව කටයුතු කරයි. මේ තත්ත්වය තුළ “එක් තීරයක් එක් මාවතක්”වැඩසටහන මගින් ගෝලීය සමාජය තවදුරටත් එකිනෙකට සමීප කර ඇත. ඒ හරහා ලෝක වෙළෙඳාම, ලෝක නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමක් ද සිදු වන බව උන්වහන්සේ ප්‍රකාශ කරති. රටවල්වල ආදායම් ඉහළ යාමෙන් ජීවන මට්ටම් ඉහළ යාම, යටිතල පහසුකම් දියුණු වීම, දරිද්‍රතාවය තුරන් වීම, අධ්‍යාපන අංශය දියුණු වීම සහ ප්‍රවාහන පිරිවැය අවම වීමක් ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇත. ලෝක ජනගහනයෙන් සියයට 70ක් සහ ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50ක් පමණ මෙම ව්‍යාපෘතිය හරහා ආවරණය වේ.

ආසියාව තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හේතු පාදක වේ. මේ ආසියානු ශතවර්ෂයයි. එහෙයින් ආසියාව, ආර්ථිකය ඇතුලු බොහෝ අංශවලින් ඉදිරියට ගමන් කරනු ඇත. ඒ වෙනුවෙන් විශාල භූමිකාවක් ඉටු කරමින්, එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීමට එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියට හැකි වේ. එහෙයින් ආසියාවේ සිදු වන මෙම පරිවර්තනයේ දී ප්‍රමුඛ මගපෙන්වීමක් සිදු කළ හැකි ව්‍යාපෘතිය බවට මෙය පත් වනු ඇති බව මහාචාර්ය ස්වාමීන් වහන්සේ අවධාරණය කරති.

මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක පිහිටි, දූපත් රාජ්‍යක් වන්නේ ශ්‍රී ලංකාවයි. එහෙයින් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ඉඩප්‍රස්ථා ප්‍රයෝජනයට ගැනීම මගින් නව ආයෝජන, නව නිෂ්පාදන මාර්ග, නව තාක්ෂණය, අධ්‍යාපන අවස්ථාවන් සහ වෙනස් චින්තනය සඳහා අවස්ථාවන් ලබා ගැනීම වැදගත් වේ. ඒ හරහා දියුණු, උසස් රටක් බවට පත් වීමට ශ්‍රී ලංකාවට ද හැකියාව පවතින බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥන්ගේ සංගමයේ සභාපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන ස්වාමින් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම