‍හොංකොං විශේෂ පරිපාලන කලාපය ප්‍රබලතම ගෝලීය තරගකාරීත්වය හිමි ආර්ථික හවුලක්
2022-06-15 15:39:41
Share with:

      ‍

හොංකොං විශේෂ පරිපාලන කලාපය ප්‍රබලතම ගෝලීය තරගකාරීත්වය හිමි ආර්ථික හවුලක් බව තහවුරු කෙරේ.

ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන ආයතනය නිකුත් කළ නවතම “2022 වසරේ ලෝක තරගකාරීත්ව වාර්ෂික වාර්තාව” මේ බව තහවුරු කර තිබේ. එම වාර්තාවට අනුව ලෝක තරගකාරීත්වය අතින් හොංකොං පසුගිය වසරේ හිමි වූ 7වැනි ස්ථානයේ සිට 5වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත. එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය යටතේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට ලැබී ඇත්තේ අධිකරණ නිදහස, මූල්‍ය නිදහස, නිදහස් වෙළඳ හා ආයෝජන ක්‍රම, සරල හා අඩු බදු ක්‍රමයක්, යහපත් ව්‍යාපාරික පරිසරයක් සහ කාර්යක්ෂම පරිපාලනයකි. මෙම සාධක හොංකොංහි තරගකාරීත්වයට ඉවහල් වී ඇතැයි හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ ප්‍රකාශකයා අද (15)“2022 වසරේ ලෝක තරගකාරීත්ව වාර්ෂික වාර්තාව”සඳහන් කරමින් පවසා තිබේ.   

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම