ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට ඇමරිකා ජනාධිපතිවරයා දන්වා ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසයි
2022-06-15 15:41:54
Share with:
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයින්ඩන් මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඇමරිකාව ඉදිරිපත් වීම ගැන සතුට පළ කරන අතර ඔවුන්ට ස්තුතිය පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.මේ අතර චීනය, ජපානය ඇතුළු සෙසු රටවල් සමග ද ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සහයෝගයන් පිළිබඳව සාකච්ඡා කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.