ඇමරිකානු ජනපති කෙරෙහි ජනතා ප්‍රශාදය අඛණ්ඩව පහතට
2022-06-15 09:16:00
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කෙරෙහි ජනතා ප්‍රසාදය අඛණ්ඩව පහත වැටෙයි.

රොයිටර් සහ ඉප්සෝස් යන ආයතන විසින් ඊයේ (14) ඒකාබද්ධව නිකුත් කරන ලද ජනමත විමසුම් ප්‍රතිඵලයකට අනුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කෙරෙහි ජනතා කැමැත්ත අඛණ්ඩව තුන්වන සතියටත් 39% දක්වා පහත වැටුණි.එය ඔහුගේ නිල කාලය තුළ වාර්තා වූ අවම මට්ටම වන 36% ක අගයට යළි ආසන්න වීම කැපීපෙනේ.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඇමරිකානුවන්ගෙන් 56%ක් පමණ ජෝ බයිඩන්ගේ කාර්ය සාධනය ගැන සෑහීමකට පත් නොවන බවයි.මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට නොවැම්බර් 8 වෙනිදා පැවැත්වෙන මැතිවරණයේදී අවම වශයෙන් පාර්ලිමේන්තුවේ එක් සභාවක හෝ බලය අහිමි වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම