දෙවැනි කාර්තුවේ චීන ආර්ථිකය තවදුරටත් ප්‍රකෘති වනු ඇති බවට අනාවැකි
2022-06-15 17:13:38
Share with:

මෙම වසරේ දෙවැනි කාර්තුවේ දී චීන ආර්ථිකය තවදුරටත් ප්‍රකෘති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද (15) පළ කළ ප්‍රකාශයකට අනුව, පසුගිය මැයි මස චීන ආර්ථිකය ධනාත්මක ප්‍රකෘතියක් පිළිබිඹු කර ඇත. ජූනි මස විවිධ ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් සමඟ, දෙවැනි කාර්තුවේ චීනයේ ආර්ථිකය තවදුරටත් ප්‍රකෘති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා, චීන නිෂ්පාදන කර්මාන්ත අංශයේ ආයෝජනය ගිය වසරේ සමාන කාලයට වඩා 10.6% ක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, යටිතල පහසුකම්වල ආයෝජන වර්ධනය කැපී පෙනේ.

එම කාලය තුළ චීනයේ ආරම්භ වූ නව ව්‍යාපෘතිවල ආයෝජනය ගිය වසරේ සමාන කාලයට වඩා 23.3% කින් වැඩි වී ඇත. පසුගිය මැයි මස, චීනයේ ආනයන අපනයන වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් විය. චීන විදේශ වෙළඳාමේ ස්ථාවර ශක්තිය ඉන් විදහා දැක්වේ.

පෙර පහළ ගිය කම්හල්වල නිෂ්පාදනය මැයි මාසයේ දී ඉහළ යාම ආරම්භ විය. චීනයේ සේවා නිෂ්පාදන දර්ශකයේ අඩුවීමේ තත්ත්වය ද සමනය වී ඇත.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම