ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවට එල්ල වී ඇති අභියෝග කෙරෙහි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඍජු අවධානය
2022-06-15 10:48:35
Share with:

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන කවුන්සිලයේ 170 වැනි රැස්වීම පැවැත්වේ. ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට එල්ල වී ඇති අභියෝග මෙන්ම සහ රුසියානු-යුක්රේන ගැටුමේ බලපෑම කෙරෙහි ඊයේ (14) පැවති රැස්වීමේදී ඍජු අවධානය යොමුවිය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Maximo Torreiro මහතා මෙහිදී පැවසුවේ, රුසියාව සහ යුක්රේනය ලෝක ධාන්‍ය අපනයන වෙළඳපොළේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවයි. රුසියානු-යුක්රේන ගැටුම කෘෂි ආහාර පද්ධතියට දරුණු අවදානම් සහ අවිනිශ්චිතතා රැසක් ගෙන එයි. ගැටුම්වලින් වඩාත් පීඩාවට පත් රටවලට වත්මන් අභියෝග ජය ගැනීමට උපකාර කිරීම සඳහා විවිධ රටවල් ඒකාබද්ධ හා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් ආර්ථික ආධාර සැපයිය යුතු බවත්  හෙතෙම පැවසීය.

ආහාර සුරක්ෂිතතාව සහ දරිද්‍රතාවය පිටුදැකීම කෙරෙහි අවධානය යොමුකර, කෘෂිකර්මාන්තයේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි ප්‍රශස්ත සැපයුම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ක්‍රියාකාරීත්වය, චීනය නිරතුරුව දිරිගන්වන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම