බටහිර රටවල දාමරික ක්‍රියා තුළින් තම රටේ විදේශ ආයෝජන සබඳතා බිය ගැන්විය නොහැකි බව රුසියාව කිය
2022-06-15 11:17:53
Share with:

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් Dmitry Peskov මහතා ඊයේ(14) මේ බව පැවසීය. ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ සාමාජික රටවල ආයෝජන පමණක් නොව, මැද පෙරදිග  හා ආසියානු රටවල බොහෝ ආයෝජන රුසියාවේ පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය. මෙම රටවල ජනගහණය බටහිර රටවලට වඩා අධික ය. බටහිර රටවල දාමරික ක්‍රියා සහ අවමාන තර්ජන මෙම රටවල් වෙත එල්ල වී තිබේ. කෙසේවෙතත් ඔවුන්ගේ මෙම සියලු ක්‍රියා මගින් විදේශීය ආයෝජකයන් තම වෙළඳපොළ වෙත දක්වන කැමැත්ත බිඳ දැමිය නොහැකි බව රුසියාව අවධාරණය කරයි.  

මෙම ආයෝජකයන් අද(15) සිට ලබන 18 වනදා දක්වා රුසියාවේ පැවැත්වෙන 25 වැනි Saint Petersburg ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවට සක්‍රීය ලෙස සහභාගි වනු ඇතැයි ද Dmitry Peskov මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම