ඊනියා මානව හිමිකම් ගැටළු දක්වමින් චීන අභ්‍යන්තර කටයුතු වලට මැදහත්වීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ බහුතර රට‍වල් සිය හඬ නංවයි
2022-06-15 15:57:38
Share with:

ඊනියා මානව හිමිකම් ගැටළු දක්වමින් චීන අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට එරෙහිව විරෝධය පළ කරන බව කියුබාව පවසයි.

ඊයේ (14) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50වන රැස්වීමේදී සමාන ස්ථාවරයන් දරන රටවල් 70ක් නියෝජනය කරමින් කියුබාව සාමූහික දේශනයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. චීනයේ ෂින් ජ්‍යන් උයිගුර් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය, ටිබෙට් ස්වායත්තය හා සම්බන්ධ කටයුතු චීන අභ්‍යන්තර කටයුතුය. මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය හා ද්විත්ව ප්‍රමිතිකරණයට විරුද්ධ විය යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ. 

විවිධ රටවල ජනතාව තම රටේ සැබෑ තත්ත්වයන්ට අනුව ස්වයං සංවර්ධන මාර්ගය තෝරා ගැනීමේ අයිතිය ඒ ඒ පාර්ශ්වයන් විසින් ගරු කළ යුතු බවද එම සාමූහික දේශනයේ දැක්වේ.

එමෙන්ම, තවත් රටවල් 20ක් වෙන් වෙන්ව දේශන නිකුත් කරමින් චීනයට අනුබල දී තිබේ. 100කට ආසන්න රටවල් එහිදී විවිධ ආකාරවලින් චීනයේ නිසි ස්ථාවරයට අනුබල දක්වා තිබේ. 


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම