සෙසු රටවල ජනතාවගේ ජීවිත කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන ඇමරිකාව
2022-06-15 18:50:07
Share with:

සෙසු රටවල ජනතාවගේ ජීවිත කෙරෙහි ඇමරිකාව කිසිදු සැලකිල්ලක් නොදක්වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

   පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේදී ඇමරිකානු සී-17 ප්‍රවාහන ගුවන් යානයක් කාබුල් ගුවන් තොටුපලේ සිට හදිසියේ ගුවන් ගත කිරීමේ දී අවම වශයෙන් ඇෆ්ගනිස්ථාන ජාතිකයෝ දෙදෙනෙක් එම ගුවන් යානයෙන් බිමට වැටී මිය ගියහ. 

පසුගියදා මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ප්‍රතිඵලය ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඇමරිකානු හමුදා නියමුවන් ඇතුළු සේවා මණ්ඩලයේ කළමනාකරණය, රෙගුලාසීන්ට අනුකූල වූ බව ඉන් නිගමනය කර ඇත.

අපරාධ සිදු කළ ඇමරිකානු හමුදා භටයින්, ඒවායේ වගකීම්වලින් නිදහස් කරවීමේ අවස්ථා ගණනාවක් ලෝක වාසීන් දැක තිබෙන බව වං වෙන්බින් මහතා කීය.

සෙසු රටවල ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඇමරිකාව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් සෙසු රටවල ජනතාවගේ මානව හිමිකම්  හරසුන් ලෙසට  ඇමරිකාව සලකන බවත් හුදෙකලා එක් එක් සිද්ධිවලින් පැහැදිලි වී ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම