අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක්
2022-06-15 22:00:04
Share with:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සමග සාකච්ඡාවක නිරත‍ වෙයි.එම හමුව ඊයේ (14) සිදු විය.චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහනාධාර, වැදගත් ආර්ථීක සහයෝගිතා ව්‍යපෘති ඉදිරියට ගෙන යාම,නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළු පොදුවේ අවධානය යොමු කෙරෙන කරුණු සම්බන්ධයෙන්  එහිදී අදහස් හුවමාරු කර ගැනිණ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ,ආර්ථීක ස්ථාවර කමිටුවේ සභාපති ආර්.එච්.එස් සමරතුංග සහ චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක Li Guangjun යන මහත්වරු ඊට එක්වූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම