චීනය ඩිජිටල් තාක්ෂණයේ ‍වේගවත් ගමනක
2022-06-14 15:33:44
Share with:

චීනය ලොව විශාලතම ජාලගත යටිතල පහසුකම් ගොඩනගා ඇතැයි චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

ගෙවී ගිය වසර 10 තුළ, චීනය ලෝකයේ විශාලතම, ප්‍රමුඛ තාක්ෂණය හා ශක්තිමත් සහතිකයක් සහිත ජාලගත යටිතල පහසුකම් ගොඩනගා ඇති අතර 5G තාක්ෂණයෙන් ලොව ප්‍රමුඛත්වය අත්කර ගෙන තිබෙන බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ උප ඇමති Xin Guobin මහතා අද (14) පැවසීය.

හෙතෙම සඳහන් කළ පරිදි, පසුගිය වසර 10 තුළ, චීනයේ ජාලගත යටිතල පහසුකම් විශාල දියුණුවක් ලබා ඇත. 4G මධ්‍යස්ථාන ගෝලීය සමස්තයෙන් අඩකට අධික ප්‍රමාණයක් වන අතර 5G මධ්‍යස්ථාන ලක්ෂ 16.15ක් ඉදිකර ඇත. 5G ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව කෝටි 40කට අධිකය. ඊ-වාණිජ්‍යය, ඊ-පරිපාලනය, විදුලි සංදේශ, මාර්ගගත අධ්‍යාපනය සහ සජීවී වීඩියෝ යනාදී අන්තර්ජාල යෙදුම් සම්පූර්ණයෙන් ජනප්‍රිය වී ඇත. එසේම 5G නියෝජනය වන නව පරම්පරාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් කාර්මික නිෂ්පාදන, වරාය, පතල් කැණීම්, වෛද්‍ය සේවා, අධ්‍යාපනය සහ සංස්කෘතිය හා සංචාරය  වැනි කර්මාන්ත රැසක් වේගවත්ව භාවිතයට පත් කර ඇත.‍‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම