චීනයේ විදේශ ආයෝජන ආකර්ෂණය අඛණ්ඩ වර්ධනයක
2022-06-14 15:48:05
Share with:
පසුගිය ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා චීනය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ආයෝජන වටිනාකම යුවාන් බිලියන 564.2ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 17.3ක වර්ධනයකි.
චීන වාණිජ අමාත්‍යංශය අද(14) නිකුත් කළ සංඛ්‍යාලේඛනවල ඒ බව දැක්වේ.
එම කාලය තුළ සේවා කර්මාන්තය භාවිත කළ විදේශ ආයෝජනය පසුගිය වසරේ අදාල කාලයට වඩා සියයට 10.8කින් වැඩි වී ඇති අතර අධි තාක්ෂණ කර්මාන්තය යොදා ගත් එම වටිනාකම, පසුගිය වසරේ පළමු මාස පහට සාපේක්ෂව සියයට 42.7කින් වැඩිවීම විශේෂත්වයකි.
දකුණු කොරියාව, ඇමරිකාව, ජර්මනිය යන රටවල් තුන, චීනයේ සිදු කළ ආයෝජන වටිනාකම, වෙන් වෙන් ව සියයට 52.8කින්, සියයට 27.1කින් හා 21.4කින් ඉහල ගොස් තිබේ.